ලෝකෙම කළඹපු ට්‍රම්ප් එක්ව සිටි උත්සවයට කඩා වැදුණු වෙඩික්කරු ගැන හෙළිදරව්වක්

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ වොෂින්ටන් හිල්ටන් හී පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට ඇතුල් වූ වෙඩික්කරු සම්බන්ධව තොරතුරු රැසක් විදෙස් මාධ්‍ය මේ වන විට අනාවරණය කරගන ඇත.

ඒ අනුව සැකකරු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හී නිරිතදිග තදාසන්න ප්‍රදේශවල පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බවද මේ වන විට අනාවරණය වී ඇති බව වාර්තා වේ .

සැකකරු මේ වන විට අසල රෝහලක පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන බව වොෂින්ටන් ඩීසී නගරාධිපතිවරයා සදහන් කර ඇත.

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයට වෙඩි - වහාම ට්‍රම්ප්ව ඉවත් කරයි

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයට වෙඩි - වහාම ට්‍රම්ප්ව ඉවත් කරයි

මේ අතර අනාවරණය වනුවේ සැකකරු හෝටල් පරිශ්‍රයට තුවක්කු සහ පිහි කිහිපයක්ද රැගෙන ගොස් ඇති අතර වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් වේ.

මෙම සිද්ධියෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී පැවැති මාධ්‍ය වෙත කෙටි අදහස් දැක්වීමකදි පවසා ඇත්තේ උත්සවය සහභාගී වීමට පෙර තම කණ්ඩායම කිසිදු ආරක්ෂක තර්ජනයක් පිළිබඳව දැන නොසිටි බවයි.

කෙසේ වෙතත් සැකකරු කණ්ඩායමක් නොව තනි පුද්ගලයෙකු බවත් ට්‍රම්ප් මෙම සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් වෙත පවසා ඇත.

  තවද අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව ඉක්මනින් චෝදනා ගොනු කරන බව එක්සත් ජනපද නීතිපති ටොඩ් බ්ලැන්ච් සඳහන් කර තිබෙන බව වාර්තාවේ.

ලෝකෙම බලාපොරොත්තු බිඳ දමමින් ට්‍රම්ප් දුන් උපදෙස - පාකිස්තාන ගමන අවලංගුයි

ලෝකෙම බලාපොරොත්තු බිඳ දමමින් ට්‍රම්ප් දුන් උපදෙස - පාකිස්තාන ගමන අවලංගුයි