ඝාතන තුනකට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
By Shehan
ඝාතන තුනකට සම්බන්ධ වෙඩික්කරුවෙකු ලෙස සැක කෙරෙන යුද්ධ හමුදා සේවකයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු, හෙරොයින් ග්‍රෑම් 106ක් (රුපියල් ලක්ෂ 25කට වැඩි වටිනාකමකින් යුත්) සමඟ ඊයේ (27) ප.ව. 4.30ට පමණ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අනුරාධපුර - යාපනය හන්දිය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, අවුරුදු 44ක යුද හමුදා සේවය අතහැර ගිය පුද්ගලයෙකු හා අවුරුදු 40 සහ 30ක මත් ජාවාරම්කරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.
වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයා ඩුබායිහි සංවිධාන අපරාධකරුවෙකු යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ හෙරොයින් ජාවාරම් නිරත අයෙකු ලෙසට ද හඳුනාගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 88යි මිලිග්‍රෑම් 490ක්ද තිබූ බව පොලීසිය පැවසුවේ.