තවත් වෙඩිල්ලක් - සැකකරුවන් වෙඩි තබා පලා ගිහින්.
Sri Lanka Police
Shooting
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
අද (28) අලුයම කිලිනොච්චිය - උදයනගර් ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ය.
වෙඩිතැබීමෙන් මෝටර් රථයේ රියදුරු වන අවුරුදු 38ක පුද්ගලයෙක් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.
පොලිස් විමර්ශන වලදී හෙළි වී ඇත්තේ, තුවාලකරු සහ තවත් දෙදෙනකු මෝටර් රථයකින් කනකපුරම් ප්‍රදේශයට ගොස් සිටිය දී ඇති වු ආරවුලක් හේතුවෙන් මෙලෙස යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.