අපේ පෞද්ගලික ජීවිතේට සමහරු ඕනවටත් වඩා ඇඟිලි ගහනවා(PHOTOS)

srilanka sheril #srilanka sheril decker #sheril sheril dekker sheril dekker dance sheril decker sri lanka models gallery sindu srilanka #srilankan
By Gagana Jan 08, 2022 04:04 PM GMT
Gagana

Gagana

Report

ෂෙරිල් ඩෙකර් කියන්නේ අදටත් ලංකාවේ ප්‍රේක්ෂකයින් අතරේ සිටින අමතක නොවන ආදරණිය චරිතයක්. රංගනයෙන්, නර්තනයෙන් සහ මියුස්ක් වීඩියෝ ඔස්සේත් රටේම ජනප්‍රිය වුනු ආදරණිය කළා ශිල්පිනියක්.

ඒත් දැන්නම් ඇය කිසිම කළා නිර්මානයක දකින්න නොලැබෙන්නේ ඇයි කියලා නම් දන්නේ නැහැ. ඇත්තටම බොහෝ දෙනෙක් කියන විදියට ෂෙරිල් රංගනයට සමුදිලාද?

එහෙමත් නැත්නම් පෞද්ගලික ප්‍රශ්නයක් හේතුවෙන් හැමදෙයක්ම අතහැරලද? මේ හැම ප්‍රශ්නයකටා ෂෙරිල් උත්තර දීලා තිබුමේ මෙහෙමයි.

හොඳින් ඉන්නවා පවුලේ හැමෝම එක්ක සමගියෙන් සතුටින් ඉන්නවා. වසර කිහිපයක ඉඳලා මම කිසිම නිර්මාණයකට එකතු වුනේ නැහැ. විවිධ ප්‍රශ්න නැතුවම නෙවෙයි ක්ෂේත්‍රය ඇතුලෙත් කැපිලි තියනවා.

මට ආරාධනා ලැබුනත් බාරගන්න නිර්මාණය හොඳ දෙයක් වෙන්න ඕනේ. දැන්නම් මේ ක්ෂේත්‍රය ඇතුලේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන්නේ. සුදුස්සාට දක්ෂයාට තැනක් නැති වුනත් දැන හැඳුනුම් කම් වලින් ස්සරහට යන පිරිසක් ඉන්නවා.

කළා ක්ෂේත්‍රය කියන දේ එහෙම තැනකට පත්වෙලා තියන නිසයි අද ගොඩක් ප්‍රවීන කලශිල්පින් දකින්න නොලැබෙන්නේ.

වසර පහලවකටත් වැඩි කාලයක් මම මේතුල රැඳී සිටියා ඒත් නිර්මාණ වලට නම් වැඩිය දායක වෙලා නැහැ. ඒ වුනාට ඒකාලේ කරපු චරිත අතරින් කිහිපයක් තාමත් මිනිස්සුන්ට මතකයි.

වසර ගණනාවක් මාව රුපවාහිනියේ දකින්න නොලබිලත් අදටත් මගතිටකදී හම්බ වුනත් මිනිස්සු ආදරෙන් කතාබහ කරනවා. රුවන් වුනත් වැඩිය ගීත නිර්මාණ කරන්නේ නැහැ. කාලයක් සද්දයක් නැතුව ඉඳලා හොදම නිර්මාණයක් කරලා මිනිස්සු අතරට යන එක තමයි කරන්නේ.

මාත් හිතන්නේ එහෙම කරන එකෙන් ප්‍රේක්ෂකයින්ට අපිට එපවෙන්නෙත් නැහැ. රුවන් සංගීත ගුරුවරය්ටෙක් විදියටත් වැඩ කරනවා. පහුගිය කාලේ නම් ගෙදර ඉඳලා ඔන්ලයින් ක්ලාස් කළා. අපි දෙන්නත් පොඩි ව්‍යාපාරත් තියන නිසා ආර්ථික ප්‍රශ්න නම් නැහැ.

රුවන්ගෙයි මගෙයි අතර විවිධ ප්‍රශ්න තියනවා කියලා සමහරු කියලා තිබුනා. අපි දෙන්නා ඩිවෝස් වෙලා කියලත් කතා හැදෙන්න පටන් ගත්තා. එහෙම කිසිම දෙයක් සිද්ද වෙලා නැහැ. රටට ලෝකෙට පෙන්න ආදරේ කරන්න අපිට උවමනාවක් නැහැ.

දෙන්නට දෙන්නා ආදරෙන් සුහඳව ඉනනව. පවුලක් විදියට විවාහා ජිවිතේ ඇතුලේ විවිධ ප්‍රශ්න සිද්ද වුනත් එදෙවල් අපි කතාකරලා විසන්දගන්නවා. අපිටත් වඩා අපේ ප්‍රශ්න ගැන හොයන පිරිසක් ඉන්නවා ඒ මිනිස්සු ඕනෑවටත් වඩා අපි ගැන හොයන්නේ මඩ ගහන්න මිසක් ආදරේට නෙවෙයි. ඒ වගේම අපිට ආදරේ කරන හොඳ ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha