අස්වැසුම ලබාදෙන කාලය ගැන දැනුම්දීමක්..
Shehan Semasinghe
Sri Lanka Politician
Sri Lanka
Economy of Sri Lanka
By krishani
අස්වැසුම ප්‍රතිලාභ ලබාදෙන නිශ්චිත දිනයක් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.
අද (28) දිනයේ රාජ්‍ය බැංකු වෙත නිවැරදිව තොරතුරු තහවුරු කරගත් ප්‍රතිලාභීන් ලක්ෂ 8 ක් සඳහා ජූලි මාසයට අදාළ රුපියල් බිලියන 5 ක් බැරකර තිබෙනවා.
එමෙන්ම පළමු වාරිකය ගෙවීමෙන් අනතුරුව කඩිනමින් නුසුදුස්සන් ඉවත්කිරීමේ කටයුතු ද ආරම්භ කරන බව ඒ මහතා සඳහන් කළේ ය.
එයට අවශ්‍ය සහය ලබාදෙන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව සතියේ දිනවල උදෑසන 09 සිට පස්වරු 04 දක්වා පැමිණිලි යොමු කළ හැකිය.
ඒ 1924 යන ක්ෂණික දුරකථන අංකය හරහා ය.
