චීන ජනපති ගෙන් මෙරට ජනපතිට ලැබුණු ලිපිය..
Government of China
China
China Ship In Sri Lanka
By Sithumi
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා තිබෙනවා.
එම ලිපිය මෙරට සංචාරයක නිරතවන චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී තිබුණු අතර අද (14) චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ සහාය අපේක්ෂා කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත්තේ.