යුද හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..(VIDEO)
හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම තත්ත්වය, යළිත් කොවිඩ් ආසාදිතයින් වැඩිවීමේ අවදානමක් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙයි.
වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා, "සංචරණ සීමාවන් මේ වන විට ලිහිල්වීමත් සමග සාමාන්‍ය ජනතාවගෙන් සුළු පිරිසක් හැසිරෙන ක්‍රමවේදයන් අනුව ඉදිරි කාලයේ දී රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමට ඇති ප්‍රවණතාවය බැහැර කිරීමට නොහැකි.
මේ පවතින තත්ත්වය යටතේ මේ වන විට මරණ 10 - 25ක් පමණ කොවිඩ් ආශ්‍රිතව දිනකට සිදුවෙනවා.
ඒ වගේම කොවිඩ් ආශ්‍රිත රෝගීන් සොයාගැනීම් දිනකට 500ක් - 600ක් අතර ප්‍රමාණයක් සෑම දිනකම රට තුළ වාර්තා වෙනවා.
විශේෂයෙන් ම බස්නාහිර පළාතට අයත් ගම්පහ, කොළඹ වැනි දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයින් 50කට වැඩි පිරිසක් සොයා ගනු ලැබුවා.
ඒ එගේම බස්නාහිර පළාතෙන් පිට කොවිඩ් ආසාදිතයින් හමුවන අවදියකයි අපි මේ කාලය ගත කරමින් සිටින්නේ.
සෑම අවස්ථාවකම නිවසින් පිටතට යන වේලාවක දී මුඛ ආවරණයක් පලඳගෙන කටයුතු කරන ලෙස ඔබත් ඔබගේ පවුල්වල අයටත් ඥාතීන්ටත් කියන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |