නොවැම්බර් 1දා සිට මෙරටින් විශේෂ වැඩපිළිවෙළක් - යුධ හමුදාපති ( VIDEO)

Shavendra silva covid commuty srilanka covid 19
By Sithumi Oct 22, 2021 11:40 AM GMT
Sithumi

Sithumi

Report

බූස්ටර් එන්නත් මාත්‍රාව මෙරට දී ඉදිරිපෙළ ක්‍රියාකරුවන් හට ලබා දීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදීය. 

 ඒ අනුව බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු ඉදිරිපෙළ රාජකාරී කටයුතුවල නිරත පිරිසට නොවැම්බර් 01 වනදා සිට ලබාදීම අරඹන්නැයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබේ. එමෙන්ම සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළතදී එන්නත ලබාදී අවසන් කිරීමට ද එහිදි තීරණය කෙරිණි.

අද (22) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.

තවද අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කර සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර සිටි අතර උපකාරක පන්ති ඇරඹීමට ඇති හැකියාව පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

අද දින කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ගත් වැදගත් තීරණ සියල්ල පහත පරිදි වේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



Gallery