ෂාරුක් ඛාන්ගේ පුත් අත්අඩංගුවට ගත් නිලධාරියාගේ ‌සේවය අවසන් වෙයි..(PHOTOS)

India Celebrity Aryan Khan Sharu Khan
By Sewvandhi Dec 19, 2021 01:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශ නිලධාරි සමීර් වන්කඩේගේ සේවය ඔහු සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලවීම හේතුවෙ මේ වසර අවසානයත් සමඟ අවසන් කෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය ආදායම් බදු සේවා නිලධාරියෙකු වශයෙන් එරට මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්ත කෙරුණු සමීර් වන්කඩේ මේ වනවිට එහි මුම්බායි කලාප අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

මුම්බායි වෙරළේ සුඛෝපභෝගී නෞකාවක මත් සාදයකට සහභාගි වී සිටි අවස්ථාවක දී සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ඉන්දීය මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අත්අඩංගුවට පත් වුණා.

මේ අතර ජනප්‍රිය නළු සුෂාන්ත් රාජ්පුට් සියදිවි නසාගැනීමේ සිද්ධියෙන් පසු බොලිවුඩ් පුරයේ මත්ද්‍රව්‍යනාශක මෙහෙයුම්වල නිරත වූ සමීර් වන්කඩේ, ෂාරුක් ඛාන්ගෙන් ද කප්පම් ලබාගැනීමට උත්සාහ කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery