මිනිස්සු අපිට කට කතා හදන්නේ අපි ගොඩාක් ෆේමස්නේ. තරුණයන්ගේ සිහින කුමරිය ශනුද්‍රි ප්‍රියසාද් (PHOTOS)
මෑතකදී ඉතාමත් ජනප්‍රිය වුනු කළා පවුලකින්ම පවත එන දක්ෂ තරුණ සුන්දර නිලියක් තමයි ශානුද්රි ප්‍රියසාද් කියන්නේ. ප්‍රියසාද් පවුලනම් නිතරම කතා බහට ලක්වෙන කවුරුත් දන්නා පවුලක්. දියණියන් තිදෙනෙකු ඉන්න මේ පවුලෙ බාලම දියණිය තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියල කියන්නේ.
ඉතින් ලංකාවෙ ඉන්න ප්‍රසිද්දම කලා පවුලක සාමාජිකයෙක් විදියට ශනුද්රිට උපතින්ම ඉතා හොද රංගන හැකියාවක් වගේම ඉතාමත් හොද නර්තන හැකියාවකුත් තිබෙනවා.දෙවෙනි ඉනිමෙන් නොහිතන වෙලාවක ඉවත් වෙන ශනුද්‍රි ඉන් පසුව දිවිතුරා ටෙලි නාට්‍ය හරහාද අපිට දක ගැනීමට ලැබෙනවා
.ඒ වගේම ශනුද්‍රි රංගනයෙන් දායක වුන තවත් ටෙලිනාට්‍ය කිහිපයක් විදියට කිස්, තාදි වගේ ටෙලිනාට්‍ය හදුන්වන්න පුලුවන්. කොහොම උනත් ටෙලිනාට්‍ය වලට අමතරව නිරන්තරයෙන් ලස්සන ෆොටෝශූට් අලුත් මියුසික් වීඩියෝ සඳහා පෙනී සිටින ශනුද්රිට මේ වෙනකොටත් ප්‍රේක්ශක ආදරයෙන්නම් කිසිම අඩුවක් නැහැ කියලයි අපිටනම් දැකගන්නට ලැබුනේ.
ඉතින් ඒ වගේම ඉතාමත් රූමත් පෙනුමකට හිමිකම්පාන ශනුද්‍රි මේ වන විට ලංකාවෙ ගොඩක් තරුණයන්ගේ සිහින කුමරිය කියල කිව්වොත් වරදක් නෑ.ඉතින් මේ නිසාම වෙන්න ඇති ශනුද්‍රි කියන විදියට ඇයට ආදර යෝජනා බොහොමයක් ලැබෙනවාලු.ඉතින් ඒ වගේම සමහර වෙලාවට ගෙදරට දුරකතන ඇමතුම් දීලත් ආදර යෝජනා කරනවලු.
ඒ වගේම ශනුද්‍රි කියන්නෙනම් ඕනෙම ප්‍රසිද්ද චරිතයකට ඒ විදියට ආදර යෝජනා එන එක සාමාන්‍ය දෙයක් කියලයි. ඉතින් ඒ වගේම ඇයගේ අලුත්ම තොරතුරු අපිට ක්වුවේ මේ විදිහට .මේ දිනවල මට ටිකක් හොඳයි. මම හොඳින් කාර්ය බහුලයි. කොළඹ ඉතාලිය, දිවිතුරා, තාදි ගමනනේ යා මේ නාට්‍ය හතරෙම මම රඟපානෙ එකකට එකක් වෙනස් චරිත.
කොළඹ ඉතාලියේ මම රඟපානෙ ටිකක් චණ්ඩි චරිතයක්. දිවිතුරා එකේ. තාත්තා නැති, අම්මා සහ සීයා තාත්තා එක්ක හැදෙන අහිංසක ගැහැණු ළමයකුගේ චරිතයක්. මේ චරිත අතරින් ප්රේක්ෂකයන්ගෙන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්න නම් දිවිතුරා ඊෂාට සහ කොළඹ ඉතාලියෙ චණ්ඩි කෙල්ල වූ ඇන්ඩියාට. අනික් ඒවාත් ආදරයෙන් වැළඳගෙන ඇති බව පෙනෙනවා.
මේ නාට්‍ය ඔකොම රූගත කරනෙ කොළඹ නෙවෙයි. කොළඹ වගේම කොළඹින් පිට නුවරඑළිය වගේ පළාත්වලටත් යන්න වෙනවා. ඒ වෙනසට මම ආසයි. ඉතින් කලා පවුලකින් එන ඇයගේ සහෝදරියන් දෙදෙනාත් අතිශයින්ම ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනක්.ඉතින් මේ තුන්දෙනා ගැන නිතරම කටකතා පැතිරෙනවා.ඒ ගැන ඇය පැවසුවේ මේ වගේ අදහසක්.“මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. හැබැයි අක්කලා දෙන්නයි මමයි අතරේ ප්‍රශ්න නැහැ.
අපි ලොකු සහයෝගයකින් තමා වැඩ කරන්නෑ. මිනිසුන් විවිධ කතා කියනවා. මිනිසුන් ගැන කියන කතා අපිට නම් වැඩක් නැහැ. මම හිතන්නේ මිනිස්සු ගොඩක් කට කතා නිර්මාණය කරන්න අපි ෆේමස් නිසා. අපිත් සාමාන්‍ය අය වුනානම් කවදාවත් ඔවුන් අපිට කටකතා නිර්මාණය කරන්නේ නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |