මන් මහන වෙනවා. පෙම්වතා සහ තරුණයෝ රැසක් හඬවමින් ශනුද්‍රි සියල්ල අතහැර මහණදම් පුරන්න සැරසෙයි.? (PHOTOS)
ප්‍රියසාද් පවුල කියන්නේ අපේ රටේ ජනප්‍රියත්වයට පත් නිරන්තරයෙන් කතාබහට ළක්වන කලා පවුලකි. කොහොම නමුත් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දියණියන් තිදෙනෙකුගෙන් සමන්විත මේ පවුලේ ඉන්න කටකාර වගේම දගකාර තරුණියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ.ඇයත් සිය සහෝදරියන් දෙදෙනා ලෙසටම රංගන ශිල්පිනියක ලෙසින් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියයි.
ඇයට රංගන ශිල්පිනියක ලෙස ලාංකීය ජනයාගෙන් මේ වන විට හිමිව තිබෙන්නේ විශාල ජනප්‍රියත්වයකි. ඇය වැඩිම ජනප්‍රියත්වයක් ලබා ගත්තේ දෙවනි ඉනිම ටෙලිනාට්‍ය හරහා කිව්වොත් හරි. පසුව ඉන් ඉවත් වීටික කාලයක් නිහඩව සිටි ඇය නැවතත් අපට නිර්මාණ වලින් දකින්න ලැබෙනවා. රංගනය, ගායනය, නර්තනය, නිවේදනය ක්ෂේත්‍රය සහ නිරුපනය ක්ෂේත්‍රයෙත් නියැලිලා සිටින ඇය ඒ හැම අතින්ම දක්ෂ තරුණියක් විදියට හඳුන්වන්න පුලුවන්. මේ දවස්වල නම් අලුත් නිර්මාණ කිහිපයකටම සම්බන්ද වෙලා ඉන්න නිසා ටිකක් කරය භහුලයි කියලා දැනගන්න ලැබෙන්නේ. ටෙලිනාට්‍ය කිහිපයකින් වෙනස් චරිත කිහිපයක් ශනුද්‍රිව දකින්න ලැබෙනවා.
කොළඹ ඉතාලියේ චරිතයක්, දිවිතුරා එකේ අම්මා සහ සීයා එක්ක හැදෙන අහිංසක ගැහැණු ළමයක්, ගමනේ යා ටෙලි නාට්‍යයේ ආදරය කරන තරුණියක්. එවැනි වෙනස් ආකාරයේ විවිධ චරිත හරහා ඇයගේ දක්ෂ රංගනයන් දකින්න ලැබෙනවා. කොහොම වුනත් ඉතාම කෙටිකාලයක් තුලදී හොඳ ජනප්‍රියත්වයක්, ප්‍රේක්ෂක ආදරයක් දිනගන්නටත් හැකියාව ලැබෙන්නේ ඇයගේ දක්ෂතා නිසාමයි.
මොකද මේ හැම නිර්මාණයක්ම කරන්නේ එකම පළාතේ නෙවෙයි. විශේෂයෙන් දිවි තුරා එකේ තියෙන්නේ නුවර එලිය පැත්තේ දර්ශන පෙළක්. ඒ වගේ වෙනස් විදියට නිර්මාණ ලැබෙන එක ගැන සතුටු වෙනවා කියලත් ඇය කියලා තිබුනා. ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ නිරන්තරයෙන් බුකියේ කාගෙත් අවධානය දිනාගත්ත, කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍ය තුළ සැරිසරන බොහෝ පිරිස්, ඇගේ අලුත් තතු දැනගන්න බොහෝම උනන්දු යි.විනෝදයෙන්ම කාලය ගතකරන ශනු, ඉදහිට මුහුණු පොතේ අපූරූ පෝස්ට් එහෙමත් ‘ශෙයා’ කරනවා. ළඟදී දවසක ඇය කියලා තිබුණා.
‘සියල්ල අතහැර මහණදම් පුරන්න යනවා’ කියලා. ඇය විනෝදයට පළ කළ මේ පෝස්ට් එක ට ඇයට සමීප බොහෝ දෙනෙක් ‘කමෙන්ට්’ කරලත් තිබුණා.ඉතින් ඇය දැන් පෙම්වතියක් බවත් මුළු රටම දන්නවා. ඉතින් කොහොමහරි ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා අපි හදවතින්ම සුභ පතනවා.