ලංකාවේම තරුණයෝ හඬවමින් ශනුද්‍රි ප්‍රියසාද් තම පෙම්වතාගේ චයාරුප සමාජ මාධ්‍යට මුදාහරි..(PHOTOS)

Sri Lanka Gossip Today
By Sewvandhi May 18, 2022 06:02 PM GMT
Sewvandhi

Sewvandhi

Report
215 Shares

ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් වනවා. ඒ වගේම තමයි බොහෝ මියුසික් වීඩියෝස් වල සහ සමාජ මාධ්‍ය තුළ photo shoot ඔස්සේ නිරන්තරයෙන් ම අපට ඇයව දැක බලාගන්නට පුළුවන්. ඇය පැවත එන්නේ කලා පරපුරකින් වන අතර ඇගේ සහෝදරියන් දෙදෙනා වන දිනක්ෂි ප්‍රියසාද් සහ ශේෂාද්‍රි ප්‍රියසාද් ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය කලා ශිල්පීන් දෙපලක් වනවා.

මේ වන විට ඇයගේ වැඩිමහල් සහෝදරිය වන දිනක්ෂි සාරංග දිසාසේකර සමඟ යුග දිවියට පත් වී සිටින අතර ඔවුන් දෙපළට සිගිති දියණියක් ද සිටිනවා.කොහොම වුණත්, අක්කලා දෙන්නම විවාහ වෙලා ඉන්න නිසා, දැන් හැමෝගෙම ඇහැ යොමු වෙලා තියෙන්නෙ ශනු දිහාවට.

ඒත් ශනුගේ පෙම්වතා කවුද කියන එක නම් තවම අභිරහසක්. හුඟක් අය අනුමාන කරන විදිහට ඒ දිනේෂ් ගමගේ ලූ. ශනු මේ ගැන කිසිම හෙළිදරව්වක් මේ වෙනකන් කරලා නැහැ. ඒ වගේම තමයි ඇය ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් වත් පළ කරලා නැහැ. හැබැයි ඉදහිට ගොඩක් කමෙන්ට් වල මේ දෙන්නවා අපිට දකින්න පුළුවන්.පසුගිය දවසක දිනේෂ්ගෙන් රසිකාවියක් මේ ගැන අහලා තිබුණා.

ඒ වෙලාවේ දිනේෂ් කළෙත් හිමීට මේ ප්‍රශ්නය ශනුට පාස් කරපු එක. වැඩේ කියන්නෙ ශනුත් මේක එයාගේ ‘ස්ටෝරි’වලට එකතු කරගෙන තිබුණා. ඒ කියන්නෙ ඇත්තටම මේ දෙන්නා පෙම්වතුන් නෙවෙයිද ? නැත්තම් පෙම්වතුන්ද ? අනේ මන්දා ! බලන් ඉමු නේද ?ඉදිරියේදී ඔවුන්ට ආදරය කරන රසික රසිකාවියන්ට අනිවාර්යෙන්ම ඔවුන් ඉඟියක් ලබා දෙයි.

දිනේෂ් ගමගේ කියලා කියන්නේ මේ වන විට ලංකාවේ තරුණ තරුණියන් අතර ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් වූ කඩවසම් තරුණයකි. සංගීතය පිළිබඳව මනා හැදෑරීමකින් යුතුව සංගීත ක්ෂේත්‍රයේ ගමන යන ඔහු විසින් මෙතෙක් ගායනා කළ සෑම ගීතයක්ම වාගේම රසිකයන් අතර බෙහෙවින්ම ජනප්‍රිය වෙන්න සමත් වුණා.

ඒ තරම්ම ඔහුගේ හඩට ආදරය කරන රසික පිරිසක් මේ වන විට නිර්මාණය වෙලා ඇත. දිනේෂ් ගමගේ යන නම කියූ සැනින් මතකටය එන්නේ කාංචනා සමග ගායනා කළ ‘දැනෙනා තුරු මා’ යන යුග ගීතයයි. ඊට අමතරව, තමරසා, වැහි බිංදු වැටෙනවා නම් සහ ස්මෝකියෝ සමග ගායනා කළ ‘නෑසුනා’ කියන ගීත පෙළත් ඉතාමත්ම ජනප්‍රියයි. ඉතින් අපි මේ දෙදෙනාගේම ඉදිරිගමනට හදවතින්ම සුභ පතනවා.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGallery
ReeCha