ශලනි තාරකාගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දුක හිතෙන ආරංචියක් (PHOTOS)
අපේ කළා ලෝකයේ රංගන ශිල්පිනියන් බහුතරයක් සිටියත් තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට සාදාරණයක් ඉටුකරන්න හැම රංගන ශිල්ප්නියකටම බෑ. තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් ඉතාම තාත්විකව රඟපාන්න පුළුවන් රංගන ශිල්පිනියන් ඉන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්.ඉතින් ඒ වගේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් ඉතාම තාත්වික ලෙස රඟපාන රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ.
1990 වසරේ නොවැම්බර් මස 15වන දින උපන් ශලනිට මේ වනවිට වයස අවුරුදු 30ක් වනවා. විශේම කරුණ තමයි වයස අවුරුදු 30ක් වෙලත් තවම ඇයට පාසල් යන ළමුන්ගේ චරිත ලැබීම. ඒ තරම් ඇය සුන්දරයි.කොවිඩ් වැළදීමෙන් පසු ඇය රගපමෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර තිබුනා.එය සනාථ කරමින් ඇය සිහින ගෙනෙන කුමාරියේ නාටයෙන් ඉවත් වන බව තම ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබා තිබෙනවා.
"මාගේ පෞද්ගලික කාරණයක් හේතුවෙන් “සිහින ගෙනෙන කුමාරියේ” දිර්ඝ ටෙලිකතා මාලාවෙන් ඉවත් වුන බව එම ටෙලි නාට්‍යයට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් මෙලෙස සටහන් කරමි.අවුරුද්දක් සහ මාස 8ක කාලයක් තුල “සත්සරණී” යන චරිතයට නොවෙනස්ව ආදරය කරමින් වැඩිම ප්‍රෙක්ෂක නැරඹුම් ඇගයීම් ලැයිස්තුවේ පෙරමුනේ අප ඔසවා තැබු ඔබට මාගේ ස්තූතිය පුද කරමි.
එමෙන්න මා එම චරිතයට තෝරාගත් ආයතන ප්‍රධානි විරාජ් වැලිවත්ත මහතාටත් අධ්‍යයක්ෂක නිවන්ත ප්‍රසාර මහතාටත් කැමරාව හැසිරවු සුරේෂ් ධම්මික වේෂනිරෑපන ශිල්පීන් කසුන් අයියා ජනක අයියා ඇතුල් සමස්ථ කාර්ය්ය මණ්ඩලයටත් ස්තූතියි. මා සමග රංගනයෙන් දායක වූ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මිහිර සිරිතිලක, ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, දමයන්ති ෆොන්සේකා, පබෝදා සන්දීපනි, අජිත් වීරසිංහ ,ගයනි ගිසන්තිකා ඇතුලු ප්‍රවීන රංගනශිල්පීන්ටද, සදෙව්,සකුනි,සවිදු,සනුලි,සංදීප්,සනුක,පුංචි සංසුවී මගේ ආදරණීය දරුවන් 7 දෙනාටද මේ කාලවකවානුවේ දුන්නාවු සහයෝගයට අනේකවාරයක් ස්තූතියි. ඒවාගේම බාල මහලු වයස් බේදයකින් තොරව සත්සරණිව ආදරයෙන් වැලදගත් ඔබසැමටත් ගොඩාක් ස්තූතියි.ඉතින් ඔබ හදවතේ මතකයන් ඉතිරි කර යන්නට අවසරයි."
මම ,සත්සරණි ශලනි තාරකා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |