ලෝකෙම පිස්සු වට්ටමින් පාපන්දු ලෝක කුසලානයේ නිල තේමා ගීතය ශකීරාගෙන්

Report

'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා, මෙවර අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ නිල ගීතය ලෙස "Dai Dai" ගීතය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

බ්‍රසීලයේ මාරකානා (Maracana) ක්‍රීඩාංගණයේ සිට විනාඩියක වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් (Instagram) වෙත එක් කරමින් ඇය මේ බව පවසා ඇති අතර, නයිජීරියානු ගායක Bua Boy ද සහභාගී වන මෙම ගීතය මැයි 14 වැනිදා නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතයි.

මෙය 2010 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති තරගාවලිය වෙනුවෙන් ගායනා කළ 'Waka Waka' ගීතයෙන් පසුව ශකිරා ගායනා කරන දෙවන නිල ලෝක කුසලාන ගීතයයි.

මීට අමතරව ඇය 2014 බ්‍රසීල ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් 'La La La' ගීතය ඉදිරිපත් කළ අතර, රියෝ ද ජැනයිරෝහි පැවති එහි සමාප්ති උළෙලේදී ඇය එය ගායනා කළාය. එසේම ඇය 2006 වසරේ ජර්මනියේ පැවති ලෝක කුසලාන සමාප්ති උළෙලේදී ද 'Hips Don't Lie' ගීතය ගායනා කළා.