ඉන්දියාව විනාසයි? දකුණු ආසියානු මිලිටරි ඉතිහාසයේ තීරණාත්මකම ආරක්ෂක ගනුදෙනුවෙන් ඉන්දියාව වටේට මිසයිල සවි කරයි

By Kaushi May 09, 2026 08:59 AM GMT
Report

දකුණු ආසියානු කලාපයේ පවතින යුදමය බලතුලනය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි ආකාරයේ දැවැන්ත ආරක්ෂක ගනුදෙනුවකට පාකිස්ථානය සහ චීනය එළඹෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, චීනයේ නිෂ්පාදිත අතිනවීනතම 'HQ-19' මිසයිල නාශක පද්ධතිය ලබාගැනීමට පාකිස්ථානය අමෙරිකානු ඩොලර් බිලියන 12ක දැවැන්ත ආයෝජනයක් කිරීමට සූදානම් බව සඳහන්.

එය නූතන දකුණු ආසියානු මිලිටරි ඉතිහාසයේ සිදුවන වඩාත්ම තීරණාත්මක ආරක්ෂක ගනුදෙනුව වශයෙන් ආරක්ෂක විශ්ලේෂකයන් හඳුන්වා දෙයි.

එමෙන්ම මෙම 'HQ-19' පද්ධතියේ විශේෂත්වය නම් අධිවේගී බැලස්ටික් මිසයිල සහ හයිපර්සොනික් යානා පවා අහසේදීම විනාශ කිරීමට ඇති හැකියාවයි.

ආයෙත් යුධ උණුසුම ඉහළට - ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

ආයෙත් යුධ උණුසුම ඉහළට - ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

ඉන්දියාව සතු 'බ්‍රහ්මෝස්' වැනි සුපර්සොනික් මිසයිල සහ අනෙකුත් නවීන අවිවලින් එල්ල විය හැකි තර්ජන මැඩපැවැත්වීමට පාකිස්ථානය මෙම පද්ධතිය යොදාගැනීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

ඊට අමතරව, චීනයේ නිෂ්පාදිත J-35A ස්ටෙල්ත් ප්‍රහාරක යානා සහ KJ-500 පූර්ව අනතුරු ඇඟවීමේ ගුවන් යානා ද සිය ආරක්ෂක ව්‍යුහයට එක්කර ගැනීමට පාකිස්ථානය සූදානම් බව සඳහන්.

ඉකුත් 2025 ජුනි මාසයේදී ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වූ ‘සින්දූර්’ මෙහෙයුමට අදාළ දින හතරක ගැටුමේදී, පාකිස්ථානයේ පවතින ගුවන් ආරක්ෂණ පද්ධතිවල (HQ-9B වැනි) යම් යම් දුර්වලතා පවතින බව නිරීක්ෂණය විය.

එම අඩුව පුරවා ගැනීමට අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ රජය මෙම නව ආරක්ෂක පවුර නිර්මාණය කිරීමට චීනය සමඟ සාකච්ඡා වේගවත් කර ඇති බව වාර්තා වේ.

තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්

තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්

අඳාළ ගනුදෙනුව ඔස්සේ ඉන්දියන් සාගර කලාපය තුළ චීනයේ ආරක්ෂක සහ නිරීක්ෂණ බලය තවදුරටත් ව්‍යාප්ත වනු ඇති බවත් පාකිස්ථාන හමුදා නිලධාරීන් මේ වන විටත් චීනය තුළ මෙම පද්ධති ක්‍රියා කරවන ආකාරය පිළිබඳ පුහුණුව ලබමින් සිටින බවත් සඳහන්.

කෙසේ වෙතත් ඉන්දීය මිලිටරි සැලසුම්කරුවන්ට අනුව, පාකිස්ථානය තුළ මෙවැනි පද්ධතියක් ස්ථාපිත කිරීම අනාගතයේදී සිදුවිය හැකි සාම්ප්‍රදායික යුද ගැටුමකදී ඉන්දියාවට පවතින ගුවන් ආධිපත්‍යයට දැඩි අභියෝගයක් එල්ල වනු ඇති බවට වාර්තා පළ වේ.

කපිල නාමල් එකතු කර ව්‍යාජ පුවතක් සමාජ ජාලාවල සැරිසරයි - දැනුම්දීමක්

කපිල නාමල් එකතු කර ව්‍යාජ පුවතක් සමාජ ජාලාවල සැරිසරයි - දැනුම්දීමක්