සියලුම ජාතික විද්‍යාපීඨවල ගුරුවරුන්ට නව පුහුණු වැඩසටහනක් - අගමැතිනියගෙන් යෝජනාවක්

Report

මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේදී අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට සමගාමීව, ඉගැන්වීම් අන්තර්ගතයන් සංවර්ධනය කිරීම සහ ගුරුවරුන් නිසි ලෙස පුහුණු කිරීම අත්‍යවශ්‍ය සාධක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළා.

ඒ අනුව ඩිජිටල් කාර්ය සාධක බලකායේ මෙහෙයවීම මත ​ජාත්‍යන්තර රොටරි සමාජයේ නියෝජිතයන් සහ මෙරට මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවා.

එහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ​ ස්මාර්ට් පන්තිකාමරවල යූටියුබ් වීඩියෝ ප්‍රදර්ශනය කිරීමට පමණක් සීමා නොවී, විෂය නිර්දේශයට අඳාළ ගුණාත්මක ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයි.

මේ පද්ධතිය හදන්න පුළුවන් හැරමිටි පහන දක්වා විතරයි - ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන දිනත් එක්කම දැනුම්දෙයි

මේ පද්ධතිය හදන්න පුළුවන් හැරමිටි පහන දක්වා විතරයි - ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන දිනත් එක්කම දැනුම්දෙයි

ඒ අනුව විවිධ පෞද්ගලික වේදිකා ඔස්සේ අන්තර්ගතයන් ඉදිරිපත් කරනවා වෙනුවට, සියලුම අධ්‍යාපනික ද්‍රව්‍ය 'ඊ-තක්සලාව' වැනි රජයේ නිල පද්ධතියක් ඔස්සේ ප්‍රමිතියකින් යුතුව ලබාදීමේ වැදගත්කම ද ඇය පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 මූලික කරගනිමින් ඩිජිටල් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර සිටියා.

ඇය පැවසුවේ වසරකට පුහුණුව ලබන ගුරු සිසුන් 6,000ක් පමණ තාක්ෂණයට හුරු කිරීම හරහා පාසල් පද්ධතියේ සැබෑ ගුණාත්මක වෙනසක් ඇති කළ හැකි බවයි.

විදුලි ගාස්තු වැඩි වේ

විදුලි ගාස්තු වැඩි වේ

නිවාස රැසක් ජලයෙන් යට වෙයි - ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මේ අයට විශේෂ දැනුම්දීමක්

නිවාස රැසක් ජලයෙන් යට වෙයි - ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මේ අයට විශේෂ දැනුම්දීමක්