බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට ඉදිරි තරගය අහිමිවෙයි. - හේතුව මෙන්න.

Report

බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට 11 වනදා පූනේහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වන ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය අහිමි වී තිබෙනවා.

ඒ, ඊයේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී වම් අතේ ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙන්.

අනතුරුව දිල්ලි හිදී ඔහුගේ වම් අතේ X රේ පරීක්ෂාවක් සිදු කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ, ඇඟිල්ලේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි.

තරගයේ පන්දුවට පහරදෙමින් සිටියදී පන්දුව අතේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර තාවකාලික ප්‍රතිකාර ලබා ගනිමින් ඔහු අඛණ්ඩව පන්දුවට පහරදී තිබෙනවා.