බංග්ලාදේශ සංචිතයෙන් ප්‍රබලයෙක් වහාම ඉවතට.. (PHOTOS)
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්ස තරගාවලි සඳහා නම් කළ බංග්ලාදේශ සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් නම් කර නොමැති බව සඳහන් වේ.

වාර්තා වන්නේ ඒ අක්ෂි ආබාධයක් හේතුවෙන් බවයි.
මේ අතර අනමුල් හක්, මොහොමඩ් නයිම්, මහමුදුල්ලා, තයිජුල් ඉස්ලාම් සහ ටස්කින් අහමඩ් යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට එරෙහිව තරගවදින බංග්ලාදේශ සංචිත සඳහා නම්කර තිබිණ.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය මාර්තු 4, 6 සහ 9 යන දිනවල පැවැත් වේ.
කෙසේ වෙතත්, එක්දින තරගාවලිය මාර්තු 13 වනදා ආරම්භ වීමට නියමිතයි.