සුපිරි ක්‍රීඩකයාගේ තහනම තවත් දිගු කරයි..! ඇත්තටම එහෙම කරනවද..දෙවන පරීක්ෂණයත් අසමත් වෙලා..
බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන පරීක්ෂණයෙන් ද අසමත් වී තිබේ. එනම් ඔහුට පන්දුව දමා ගසන බවට චෝදනා එල්ල වී තිබුණා.
එනම් චෝදනා එල්ලවීමෙන් පසු ඔහු එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ මධ්‍යස්ථානයේ පෙනී සිටියේය.
එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බව තහවුරු විය. ඒ හේතුවෙන් ෂකීබ්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම් විය.
චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානයේ දී ඔහු පසුගිය දෙසැම්බර් 21වනදා පැවති පරීක්ෂණයට දෙවන වරටත් සහභාගි වී ඇත.
කෙසේ නමුත් එම පරීක්ෂණයෙන් ද ඔහු අසමත් වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුගේ පන්දු යැවීමේ තහනම තවදුරටත් දීර්ඝ වනබව ඊයේ (11)බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය තහවුරු කළා.
ඒ අනුව ෂකීබ්ට සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගන්නා තෙක් නැවත කිසිදු අවස්ථාවක පන්දු යැවීමට නොහැක. එහෙත් දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු ආකාරවල පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට ඔහුට කිසිදු බාධාවක් නොමැත.
……………………………………………………………………………………