කිං ඛාන් ෂාරුක්ගේ 61 වැනි උපන්දිනයේ වෙනසක් - සුපුරුදු රසික හමුව නැත්තේ ඇයි?

By Malith Madushan Oct 28, 2026 05:46 AM GMT
Report

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ 61 වැනි උපන්දිනය වෙනුවෙන් මෙවර පැවැත්වීමට නියමිතව තිබූ රසික හමුව නොපැවැත්වෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නොවැම්බර් 2 වැනිදාට යෙදෙන ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සෑම වසරකම සංවිධානය කෙරෙන මෙම විශේෂ හමුව මෙවර මඟහැරීමට සිදුව ඇත්තේ ඔහුගේ නවතම චිත්‍රපටය වන King හි රූගත කිරීම් හේතුවෙනි.

ඒ අනුව, උපන්දිනය යෙදෙන දිනයේදී ෂාරුක් ඛාන් ලන්ඩනයේ රැඳී සිටීමට නියමිත බවත්, එහිදී චිත්‍රපටයට අදාළ ගීතයක රූගත කිරීම් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත්  වාර්තා කර තිබේ.

සාමාන්‍යයෙන් ෂාරුක් ඛාන්ගේ උපන්දිනය දා ඔහුගේ මුම්බායිහි පිහිටි මන්නත් නිවස ඉදිරිපිටට රසිකයන් විශාල පිරිසක් එක්රොක් වන්නේ ඔහු දැක බලා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

වයස 53දීත් සචින් තෙන්දුල්කාර්ගේ ශරීර සෞඛ්‍යයේ රහස මෙන්න - අත්හැර දැමූ පුරුද්දත් හෙළිවෙයි

වයස 53දීත් සචින් තෙන්දුල්කාර්ගේ ශරීර සෞඛ්‍යයේ රහස මෙන්න - අත්හැර දැමූ පුරුද්දත් හෙළිවෙයි

කෙසේ වෙතත්, පසුගිය වසර දෙක තුළ ඔහු මන්නත් නිවස ඉදිරිපිට පෙනී සිටීම වෙනුවට මුම්බායිහි බාල් ගාන්ධර්ව රංග් මන්දිරයේදී රසික හමු සංවිධානය කර තිබුණි.

එම හමුවලදී රසිකයන්ට ෂාරුක් ඛාන් සමඟ කතාබහ කිරීමට, ප්‍රශ්න ඇසීමට සහ ඔහුගේ අදහස්වලට සවන් දීමට අවස්ථාව හිමිව තිබූ අතර, මාධ්‍යයට එම හමුවලට සහභාගි වීමට අවසර ලබාදී නොතිබුණි.

චිත්‍රපටය එළිදැක්වීමට පෙර රසික හමුවක්?

කෙසේ වෙතත්, King චිත්‍රපටය දෙසැම්බර් 24 වැනිදා සිනමාහල්වලට නිකුත් කිරීමට නියමිත බැවින්, ඊට පෙර රසික හමුවක් පැවැත්වීමට ෂාරුක් ඛාන් සැලසුම් කරනු ඇති බවට ද වාර්තා පළ වී තිබේ.

සිද්ධාර්ත් ආනන්ද් අධ්‍යක්ෂණය කරන King චිත්‍රපටයට දීපිකා පදුකෝන්, සුහානා ඛාන්, අභිෂේක් බච්චන් සහ අනිල් කපූර් ඇතුළු නළු නිළියන් රැසක් එක්ව සිටිති.

අද match නේද? හැමෝම බලනව නේද ? මාලිංග තරගයට කළින්ම වැඩ පටන් ගනී - ලසිත් මාලිංගගේ ෆේස්බුක් සටහන ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානයට

අද match නේද? හැමෝම බලනව නේද ? මාලිංග තරගයට කළින්ම වැඩ පටන් ගනී - ලසිත් මාලිංගගේ ෆේස්බුක් සටහන ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානයට