අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට දාපු සැනින් මාට්ටු වෙන්නෙ මෙහෙමයි..බලන අයත් පරිස්සමින්..නැත්නම් වැඩ වරඳී..

Police Children Ajithi Rohana Sexual photos Sexual video
By Aruna Jul 29, 2021 06:26 AM GMT
Aruna

Aruna

Report

ළමුන්ගේ අසභ්‍ය දර්ශන දැමූ 18000ක් සොයයි ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ විඩියෝ අන්තර්ජලයට මුදාහැරිමේ සිදුවිම් සම්බන්ධයෙන් අද (29) සිට පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි.

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජලය වෙත මුදා හැරීමේ සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එහි නවතම දත්ත අනුව ජූලි මස 17 වන දා සිට ඊයේ(28) දක්වා අන්තර්ජාලයට ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන හා ඡායාරූප 18,000කට අධික ප්‍රමාණයක් උඩුගත කර ඇති බවට හෙළිවී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එම ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජලය වෙත මුදා හැරි පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

යම් අයෙකු විසින් ළමයින් සම්බන්ධ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජලය වෙත මුදා හරිනු ලැබුවහොත්, මුදා හැරි සැණින්ම එම පුද්ගලයින් සහ අදාළ පරිගණක උපාංග හඳුනා ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා පොලිසිය සතුව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha