අත්භූත ආත්මය ඉවත් කර දෙනවා යැයි කියා දේවාලයක කපුවෙක් දැරියක් අපයෝජනය කරයි.. ඔහු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරයි..

Sri Lanka Police Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation
By krishani Jun 12, 2023 06:21 AM GMT
krishani

krishani

Report

සාමාන්‍ය පෙළ සිසුවියකගේ සිරුර තුළ ඇති වූ අද්භූත බලවේගයක් ඉවත් කර දෙන බව පවසමින් දේවාලයක් තුළ දී කපුවෙකු විසින් එම සිසුවිය අපයෝජනය කල පුවතක් වාර්තා වේ.

ඒ නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි සිසුවියක් ය.

ඇගේ සිරුර තුළ තිබෙන බව කියන භූත ආත්මය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ද ඇයට මුහුණ දීමට නොහැකි විය.

එය ඉවත් කර දෙන බවට කොකාවැව අලුත් දිවුල්වැව දේවාලයේ කපුවෙකු පොරොන්දු වී ඇත.

පසුව මෙම දැරිය සිය මවුපියන් සමඟ එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී එම කපුවා දේවාලය තුළට තනිවම දැරිය ගෙන්වාගෙන තිබෙනවා.

ඉන්පසු දැරියව අපයෝජනයට ලක්කර ඇති අතර එම අවස්ථාවේ දැරිය කිසිවක් පවසා නොමැත.

පසුව දෙමාපියන් සමගින් නිට්ටඹුවෙ නිවසට පැමිණීමෙන් පසුව තමන්ට වූ කරදරය දැරිය දෙමව්පියන්ට පවසා ඇත.

ඉන්පසුව දැරියව වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි විමර්ශන සඳහා කොකාවැව පොලිසිය දැනුවත් කර ඇත.