මුහුදු සීමාවේදී අතුරුදන් වූ හෙලිකොප්ටරයේ සිටි 6ක් මරුට - එක් පුද්ගලයෙක් අතුරුදන්
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය අනුව,කටාර් රාජ්‍යයට අයත් මුහුදු තීරයේදී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යානයේ ගමන් ගත් තවත් එක් පුද්ගලයෙකු තවමත් අතුරුදහන්ව සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ. 'X' සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් අමාත්‍යාංශය සඳහන් කළේ, හෙලිකොප්ටර් යානයේ මුලු ගමන්කළ පුද්ගලයින් හත්දෙනෙකු වන බවයි.
ක්‍රියාත්මක කළ සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් මගින් හයදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති අතර, අතුරුදහන් වූ අනෙක් පුද්ගලයා සොයා විශේෂ කණ්ඩායම් දැඩි සෝදිසි මෙහෙයුම් පවත්වා ඇත.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.