බසවක්කුලම වැව් පිටියේ වළදමා තිබූ ජීව උණ්ඩ තොගයක් හමුවේ
අනුරාධපුර පූජා නගරයේ බසවක්කුලම වැව් පිටියේ වළදමා තිබූ 9mm වර්ගයේ ජීව උණ්ඩ විස්සක් හමුව තිබේ.
බසවක්කුලම වැවේ මල් කැඩීම සඳහා ගිය පුද්ගලයෙකු විසින් මේ පිළිබඳව ලබා දුන් තොරතුරකට අනුව අනුරාධපුර පොලිසිය විසින් මෙම ජීව උණ්ඩ තොගය සොයාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.