පොලිසියෙන් විශේෂ මෙහෙයුමක් - සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Report

පොලීසිය සිදු කරගෙන යන අපරාධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ඊයේ (20) දිනයේ පමණක් පුද්ගලයන් 29,165ක් පරික්ෂාවට ලක් කර තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව එහිදී සැකපිට පුද්ගලයන් 584 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් සැකකරුවන් 18දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය ප්‍රකාශ කරයි.

සාමාන්‍ය පෙළ විභාගයේ වෙනසක්? නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන අමාත්‍යවරයා පැහැදිලි කරයි

සාමාන්‍ය පෙළ විභාගයේ වෙනසක්? නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන අමාත්‍යවරයා පැහැදිලි කරයි

එමෙන්ම මෙම මෙහෙයුම යටතේ ඊයේ දින වරෙන්තුකරුවන් 249දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 130දෙනෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ වේ.

ඒ අනුව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ විශේෂ මෙහෙයුම යටතේ බීමත් රියදුරන් 286දෙනෙකු සහ අපරික්ෂාකාරීව රිය පැදවීම හේතුවෙන් 57දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවය.

මේ දැන් ගන්දර වෙඩිතැබීමක් - පුද්ගලයෙක් මහපාරේ ඝාතනයට

මේ දැන් ගන්දර වෙඩිතැබීමක් - පුද්ගලයෙක් මහපාරේ ඝාතනයට