කොවිඩ් රෝගීන් ඇතුළු රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ 40ක බරපතළ හිඟයක්..අතිශය බරපතළයි

covid19 lock down drugs sajith premadhasa medical department
By Sewvandhi Aug 19, 2021 12:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රට තුළ මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 40ක පමණ බරපතළ හිඟයක් ඇති අතර කොරෝනා සහ නිවුමෝනියා තත්ත්වයන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධ ද ඒ අතර වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, එම ඖෂධ අතරින් ''‍ටොලිසිෂුමාබ්" (Tocilizumab) ඖෂධය නොමැති වීම හේතුවෙන් අසාද්‍ය කෙරෝනා රෝගීන්ට ඇති වී තිබෙන තත්ත්වය අතිශය බරපතළ බවය.

වහා ම තාක්ෂණික කමිටුවක් හරහා මේ වන විට පවතින ඖෂධ හිඟයට විසඳුම් සෙවීම ආණ්ඩුව කල් නොදමා කළ යුතු ප්‍රමුඛතම කටයුත්තක් බව සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

මේ අතර රටේ උද්ගතව ඇති බරපතළ වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන දින කිහිපයකට රට වසා දැමීමට ආණ්ඩුව පළමුව ක්‍රියාකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම නිවේදනය තුළින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery