පොලිස් ඇප ලබාදීමට කුකුළු මස් කිලෝවක් ඉල්ලූ සැරයන්ට පොලිසියෙන්ම නියම දඩුවමක්
අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පොලිස් ඇප ලබාදීම සඳහා කුකුළු මස් කිලෝවක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටි මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය සැප්තැම්බර් 26 වන දින රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු වෙනුවෙන් අදාළ පොලිස් සැරයන්වරයා මෙලෙස කුකුළු මස් කිලෝවක් ඉල්ලා සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස සංසරණය විය.
එම වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකළ මූලික විමර්ශනවලට අනුව අදාළ සැරයන්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.