බැංකු කිහිපයකම ඩොලරයේ මිල නොවෙනස්ව - අද දිනයේ ඩොලර් ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න.

Report

පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද  ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ස්ථාවරව පවතී. ඒ අනුව, ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 334ත් 335ත් අතර මට්ටමක පවතී.

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 326.35ක් වන අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.60ක් ලෙස නොවෙනස්ව පවතී. NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.10ක් වන අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.10කි.

පීපල්ස් බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.48ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 334.57ක් ලෙසත් නොවෙනස්ව පවතී.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 324.34ක් වන අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 334.25ක් ලෙස සටහන් වේ.

මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 326.50ක් වන අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 334.50ක් ලෙස නොවෙනස්ව පවතී.

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

රටම බලා සිටි අද ඩොලරය වටිනාකමේ අගයන් මෙන්න

රටම බලා සිටි අද ඩොලරය වටිනාකමේ අගයන් මෙන්න