අහුන්ගල්ලේදී පුද්ගලයාට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට

Report

අහුන්ගල්ල, ගල්වෙහෙර, සී.පී. ද සිල්වා මාවතේ පිහිටි නිවසක නිදා සිටි 70 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකළ සැකකරු, වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය ද සමඟ අත්අඩංගුවට ගත් බව ගාල්ල අපරාධ කොට්ඨාසය පවසයි.

ඊයේ (04) අලුයම 2.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, සිද්ධිය වී පැය 24ක් යන්නට මත්තෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අහුන්ගල්ල, ගල්වෙහෙර ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයා මේ වන විට බලපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක් - රථවාහන ගමනා ගමනයට බාධා

පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක් - රථවාහන ගමනා ගමනයට බාධා