සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර සෙවාග්ගේ 18 හැවිරිදි පුත්‍රයාට නායකත්ව වගකීමක්

Report

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර සෙවාග්ගේ පුත්‍රයා වන ආරියවීර් සෙවාග්ට නව නායකත්ව වගකීමක් හිමිව තිබේ. ඒ අනුව, 2026-27 දේශීය ක්‍රිකට් තරග වාරයේ විනූ මන්කාඩ් කුසලාන එක්දින තරගාවලිය සඳහා දිල්ලි වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස 18 හැවිරිදි ආරියවීර් සෙවාග් පත් කර ඇත.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් මෑතකදී ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි තරගාවලියකට එක්වීමෙන් අනතුරුව ඔහුට මෙම නායකත්ව වගකීම හිමිවීම විශේෂත්වයකි.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග තුනකින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 3-0ක් ලෙස ඉන්දියාව ජයගත් අතර, එම තරග තුනේදී ආරියවීර් ලකුණු 28ක්, 47ක් සහ 34ක් රැස් කිරීමට සමත්විය. ආරියවීර් මීට පෙරද දිල්ලි ක්‍රිකට් ක්ෂේත්‍රයේ අවධානය දිනාගෙන තිබූ අතර, 2024 වසරේ කූච් බිහාර් කුසලාන තරගාවලියේදී මේඝාලය කණ්ඩායමට එරෙහිව දිල්ලිය වෙනුවෙන් ලකුණු 297ක් රැස් කිරීම ඔහුගේ කැපී පෙනෙන දස්කමක් විය.

ශායි හෝප්ගේ සුපිරි ඉනිමෙන් ප්‍රබල ඉන්දියාව පරදා කොදෙව්වන්ට විශිෂ්ට ජයක් [HILIGHT

ශායි හෝප්ගේ සුපිරි ඉනිමෙන් ප්‍රබල ඉන්දියාව පරදා කොදෙව්වන්ට විශිෂ්ට ජයක් [HILIGHT

එමෙන්ම, ඔහු මේ වසරේ පැවති දිල්ලි ප්‍රිමියර් ලීග් තරගාවලියේදී වෙස්ට් දිල්ලි ලයන්ස් කණ්ඩායම නියෝජනය කර තිබේ. මේ අතර, පියා වන විරේන්ද්‍ර සෙවාග්ගේ නම හේතුවෙන් තමන්ට එල්ල වන අවධානය සහ පීඩනය පිළිබඳවද ආරියවීර් මීට පෙර අදහස් දක්වා තිබේ.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් ලැබුණු අවස්ථාවේදී ආරම්භයන් ලබා ගත්තද විශාල ඉනිමක් ගොඩනගා ගැනීමට නොහැකි වීම පිළිබඳව තමන් තරමක් කලකිරීමට පත්වූ බව ඔහු සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත්, තම පියාගේ නම තමන්ට පීඩනයක් හෝ බරක් නොවන බවත්, විරේන්ද්‍ර සෙවාග් ඉන්දියාව වෙනුවෙන් කළ දස්කම් පිළිබඳව තමන් ආඩම්බර වන බවත් ආරියවීර් පවසා තිබේ. නව නායකත්ව වගකීම සමඟ ආරියවීර් සෙවාග්ට ඉදිරියේදී තම ක්‍රිකට් හැකියාව මෙන්ම නායකත්ව හැකියාවද පෙන්වීමට අවස්ථාව හිමිවනු ඇත.

බංග්ලාදේශය පරදා පිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

බංග්ලාදේශය පරදා පිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට