මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කෙරේ..! ගිනි අවි සමඟ අතිරේක නිලධාරිනුත්..එක් එක් මන්ත්‍රීවරුන් සඳහා සිදු කරන නවතම වැඩපිළිවෙල මෙන්න..
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් නිලධාරීන් යොදවන ලෙස පොලිස් මූලස්ථානය අමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව එක් මන්ත්‍රීවරයෙකුට අමතර නිලධාරීන් 4 දෙනෙකු බැගින් යොදවා ඇති අතර, එක් මන්ත්‍රීවරයෙකුට උපරිම වශයෙන් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු අනුයුක්ත කර ඇත.
ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා ටී 56 ගිනි අවි දෙක බැගින් ආරක්ෂක අංශ වෙත ලබාදෙන ලෙසට ද පොලිස් මූලස්ථානය උපදෙස් දී තිබෙනවා.
පසුගිය මැයි 9 වැනිදා ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |