ඉන්දීය ප්‍රභූවරුන් සමඟ රහසිගත හමුවක් රනිල්
By Gagana News
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද බක් මහේ පළමු සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී කළ ආරාධනාවකට අනුව ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණීමට නියමිතය.
එම සංචාරය වන්නේ මෝදිගේ හිතවතකු වන ඉන්දියාවේ අදානිට අයත් අදානි සමාගම මන්නාරම විදුලි බලාගාර ව්‍යාපෘතියද අකුලාගත් පසුබිමක වීම විශේෂත්වයකි.
තවද එම ව්‍යාපෘතිය සැබැවින්ම අකුලා ගන්නේද යන්න දැනුම් දෙන ලෙසට බලශක්ති අමාත්‍යාංශය කළ දැනුම්දීමකට අදානි සමාගම බ්‍රහස්පතින්දා වනතුරු පිළිතුරක් දී නොතිබිණි.
ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බව නිවේදනය කළේ බදාදාය.