නීතිවිරෝධීව පෙට්‍රල් රැස්කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
පොලොන්නරුව මීගස්වැව ප්‍රදේශයේදී බලපත්‍රයක් රහිතව නීතිවිරෝධී ලෙස පෙට්‍රල් ලීටර් 604ක් රැස්කරගෙන සිටි ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (18) මැදිරිගිරිය මීගස්වැව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු වයස අවුරුදු 70කින් යුත් සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යන අයෙකු බව පොලීසිය පවසයි.
මැදිරිගිරිය මීගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම මෙහෙයුම සිදු කර ඇති අතර, සැකකරු මීට දින කිහිපයකට පෙර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්‍රල් තොග රැස්කරගෙන තිබූ බවට සාක්ෂි ලැබී ඇත.
පෙට්‍රල් හිඟ අවස්ථාවලදී වැඩි මිලකට අලෙවි කිරීමේ අරමුණින් මෙම ඉන්ධන තොග රැස්කරගෙන ඇති බවට පොලීසිය සැක පළ කර තිබේ. සැකකරු අද (19) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.