ආයෝජකයන්ට සුබ පණිවිඩ අරන් ප්‍රධාන විධායක නිලධාරියෙක් අද දිවයිනට.
Sri Lanka
United States of America
Economy of Sri Lanka
By Hashini
ඇමරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මුල්‍ය කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිලධාරි, ස්කොට් නේතන් අද (07) දිවයිනට පැමිණීමට නියමිතයි.
ඇමරිකානු තානාපති කාර්යාල නිවේදනය කළේ ප්‍රධාන විධායක නිලධාරි ස්කොට් නේතන් දෙදින නිල සංචාරයක් සඳහා මෙලෙස පැමිණෙන බවයි.
ඔහු කොළඹ වරායේ ආයෝජන ව්‍යාපෘතියක් ද දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ප්‍රධාන විධායක නිලධාරිවරයා යූ එස් ඒඩ් ආයතනය සමඟ මෙරට ණය වැඩසටහනක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමට ද නියමිතයි.
මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කලේ ස්කොට් නේතන් රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සහ වාණිජ හා සංවර්ධන බැංකුවල ප්‍රධානින් ද හමු වීමට සුදානම් බවයි.
තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයේ සඳහන් වන්නේ ජාත්‍යන්තර සංවර්ධන මුල්‍ය කෝපරේෂන් මඟින් ආයෝජනය කිරීමට නියමිත ව්‍යාපෘති කිහිපයක් සඳහා ද මෙම සංචාරයේදී අත්සන් තැබීමට නියමිතයි.
