ලෝක විද්‍යා දිනය සමරමින් – ජාතික විද්‍යා සතිය ආරම්භ වේ
ලෝක විද්‍යා දිනය නොවැම්බර් 10 වන දිනට යෙදී ඇති අතර සමගාමීව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධාන කළ ජාතික විද්‍යා දින සැමරුම සහ ජාතික විද්‍යා සතිය ආරම්භ කරන ලදි.
ඒ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(10) දිනයේදීය.
මෙවර විද්‍යා සතියේ තේමාව වන්නේ “විශ්වාසය ගොඩනංවමින් පරිවර්තනීය යුගයක් කරා ශ්‍රී ලංකාවේ හෙට දවස උදෙසා විද්‍යාව” යන්නයි.
මෙහි දී විද්‍යාව ප්‍රචලිත කරමින් විද්‍යා සාක්ෂරතාව ඉහල නැංවීම වෙනුවෙන් නවීන විද්‍යාවන් පර්යේෂණ සහ නවෝත්පාදන කෙරෙහි අවධානය යොමු කර තිබේ .
ඒ ඒ වගේම ලොව නැගී එන තාක්ෂණික ධාරාවන් පිළිබඳ දැනුම හා අවබෝධය ව්‍යාප්ත කර ජනතාවට සමීප ළංකරවීමේ වැදගත්කම පිළිබඳ අවධානය යොමු කර ඇත.
ඒ සඳහා සමාජය තුළ විද්‍යාව ප්‍රචලිත කරමින් විද්‍යා සාක්ෂරතාව ඉහළ නංවා ගැනීමේ ඉතා වැදගත් පියවරක් ලෙස ලෝක විද්‍යා දිනයට සමගාමීව ජාතික විද්‍යා දිනය සහ විද්‍යා සතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ජාතික විද්‍යා සතිය නිල වශයෙන් සමාරම්භය සනිටුවහන් කර තිබේ.
ඉන් පසුව එහි පළමු වැඩසටහන ලෙස විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදනය සහ රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීමේ විද්‍යාත්මක ප්‍රවේශයන් හඳුනාගැනීම පිලිබඳ පුළුල් විද්වත් සංවාදයන් පවත්වා තිබේ මේ සදහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බොහෝ දෙනෙක් සහභාගී වී ඇත.





