දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්
දීපවාලි උත්සවය නිමිත්තෙන් දිවයිනේ ඇතැම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දෙන බව නිවේදනය කර ඇත.
ඒ අනුව, සබරගමුව පළාතේ දෙමළ පාසල් සඳහා දීපවාලි දිනට පසු දින එනම් 21 වන අඟහරුවාදා නිවාඩුවක් ලබා දී ඇත.
සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චාමර පමුණු ආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළේය.
නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් වැවිලි ප්‍රජා සංවර්ධන හා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා විසින් සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චාමර පමුණු ආරච්චි මහතාට ලබා දුන් උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇත.
දීපවාලි දිනට පසු දින එනම් 21 වන දින දෙමළ පාසල් සඳහා නිවාඩුවක් ලබා දෙන බැවින්, ඒ වෙනුවට 25 වන සෙනසුරාදා පාසල වසා දමන අතර, මේ සම්බන්ධයෙන් සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චාමර පමුණු ආරච්චි මහතා ලිපියක් මගින් සබරගමුව පළාතේ සියලුම දෙමළ පාසල් වෙත දැනුම් දී ඇත.