මෙම මාසයේ පාසල් යළි විවෘත කිරීම පිළිබඳ නවතම නිවේදනය

By Sewvandhi Jul 02, 2021 10:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සිසුන් 100 ට අඩු පාසල් ආරම්භ කිරීමට ජූලි මාසය වන විට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කරයි.

දැඩි සනීපාරක්ෂක පිළිවෙත් යටතේ ප්‍රදේශයේ පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කොළඹ අද (02) පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ළමුන් 50ට අඩු පාසල් 1439ක් සහ ළමුන් 51-100 දක්වා පාසල් 1523ක් වශයෙන් පාසල් 2962ක් මූලික වශයෙන් ජූලි මාසය තුළ විවෘත කිරීමටත් අනෙකුත් පාසල් නිසි සැලසුමකට අනුව විවෘත කිරීමටත් අපේක්ෂා කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාසල් ගුරුවරුන් සඳහා කොරෝනා එන්නත් ලබාදීම ලබන සතියේ සිට ආරම්භ කිරීමටද නියමිත බවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha