පාසල් විවෘත කිරීමට දැවැන්ත උත්සාහයක්...සියලු ගුරුවරුන්ටත් එන්නත.

Education School opening Teachers covid vaccines
By Aruna Jul 06, 2021 05:58 AM GMT
Aruna

Aruna

Report

සියලු පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට සැලසුම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ ඉදිරි සතිය තුළ ගුරුවරුන්ට එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කරන බවය.

පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර සියලු ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමට පියවර ගන්නා බව ජී.එල්. පීරිස් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

"හැම ගුරුවරයෙකු සඳහාම එන්නත ලබාදීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් අපි සකස් කරගෙන යනවා.

මේ රටේ ඉන්නවා ගුරුවරුන් 242,000ක් විතර. මාත්‍රා දෙකම අපි වෙන් කරලා ඒ වැඩපිළිවෙල දියත් කරනවා. ඒ වගේම අපි දැවැන්ත උත්සායක් දරනවා පාසල් යළි විවෘත කිරීමට."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha