පාසල් සිසුන් අතර දුමට ඉල්ලුම වැඩිවේ.

Report

හෙටට (31) යෙදෙන ලෝක දුම්කොළ විරෝධී දිනය ට සමගාමීව ඊයේ (29) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසා සිටියේ අවුරුදු 13ත් 15ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පාසල් සිසුන් දුම්පානය සඳහා ඇබැබ්හි වී ඇති බවයි .

තෙල් මිල පහළ යයි..නව මිල ගණන් මෙන්න..

තෙල් මිල පහළ යයි..නව මිල ගණන් මෙන්න..

මේ පිළිබඳ සිදුකළ සමීක්ෂණයකදී තහවුරු වන පරිදි නව යොවුන් වියේ පිරිස් අතර දුම්පානය වැඩි වී ඇතිබවට විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළ අතර විශේෂයෙන් පාසල්වල 9 ,10 ,11 යන ශ්‍රේණිවල සිසුන් සියයට 5.7 % එක් වරක් හෝ දුම්පානය සිදුකර ඇති බවට මෙම සමීක්ෂණයේදී තොරතුරු වාර්තා වී ඇත.

එමෙන්ම එම සිසුන්ගෙන් 3.7 % ක් දුම්පානය සඳහා ඇබ්බැහි වී ඇති බවද තහවුරු වී තිබේ .මෙම ළමුන් දුම්පානය සඳහා වැඩි වශයෙන් ඇබ්බැහිවී ඇත්තේ විද්‍යුත් දුම්වැටි භාවිත කිරීමෙන් පසුව බවද විශේෂඥ වෛද්‍යවරයා කීය.

T20 තරගාවලියට ත්‍රස්ත අවදානම තවමත්..

T20 තරගාවලියට ත්‍රස්ත අවදානම තවමත්..

එම විද්‍යුත් දුම්වැටිවල විවිධ රසායන ඇති බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළ ඔහු ඉතා වේගයෙන් විද්‍යුත් දුම්වැටි සඳහා ඇබ්බැහිවන මෙම පිරිස පසුව දුම්වැටි සඳහා ඇබ්බැහි වන බවද මෙහිදී පැවැසීය .

ළඟ ළඟම එන A/L විභාග ප්‍රතිඵල ගැන නේද ඔයා හිතන්නේ?. ප්‍රතිඵල ආව සැනින් මෙන්න මෙහෙම කරන්න..(VIDEO)

ළඟ ළඟම එන A/L විභාග ප්‍රතිඵල ගැන නේද ඔයා හිතන්නේ?. ප්‍රතිඵල ආව සැනින් මෙන්න මෙහෙම කරන්න..(VIDEO)

තම දරුවන් පිළිබඳ දෙමව්පියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් දරුවන් දුම්පානයට ඇබ්බැහිවිමෙන් ශ්වසන රෝග සහ පිළිකා තත්ත්වයන් ඇතිවිය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරදයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළේය.