යළිත් පාසල් වහන්න වෙයි?..ගුරුවරුන්ට සහ සිසුන්ට දැනුම් දීමක්.

Covid Sri Lanka Education School
By Aruna Nov 25, 2021 03:57 AM GMT
Aruna

Aruna

Report

පාසල් තුළ සහ නිවාස ආශ්‍රිතව කොරෝනා ආසාදිත දරුවන් වාර්තා වීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර, ඊයේ දිනයේත් මෙරටින් ආසාදිතයින් 700 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

මෙරටින් ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් 745 දෙනා සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 559,605ක් ලෙසයි.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 17,471ක්.

එමෙන්ම නව මරණ 23ක් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව දැක්වුණේ 14,205ක් ලෙසයි.

රිඡ්වේ ආර්යා ළමා රෝහල තුල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත දරුවන් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ, සියලු ගුරුවරුන් සහ සිසුන් පන්ති කාමර තුළ මුහුණු ආවරණ පැළඳීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර පසුගිය 12 වැනිදා සිට 22 වැනිදා දක්වා දින 10 තුළ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 24ක සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනධ්‍යයන සේවකයින් ඇතුළුව 49 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

ඒ අතර සිසුන් 30 දෙදෙනකු සිටීම විශේෂත්වයකි.

එමෙන්ම ඊයේ මොරවක රෝහලේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ මගින් නව ආසාදිතයින් 50 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

මේ අතර උත්සව සමයේ අවදානම් තත්ත්වයක් උද්ගතවිය හැකි බැවින් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමන කළ යුතු බව වෛද්‍යවරුන් නැවත අවධාරණය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now