''ශ්‍රී ලංකා ක්‍රිකට්වල අලුත් පෙරළියකට පාර කැපෙයි'' - ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට [VIDEO]
By Malith Madushan
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට අදාළව රජය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලද ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ පනත් කෙටුම්පත අද (06) ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු නියාමනය කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම පනතේ විධිවිධාන යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය. එමෙන්ම, අනෙකුත් ජාතික ක්‍රීඩා සංගම් මෙන් ජාතික ක්‍රීඩා පනත යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය වන ක්‍රමවේදය ද ඒ අනුව වෙනස් වනු ඇත.