හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සම්බන්ධ බව කියන ඉඩමකටත් අධිකරණයෙන් නියෝගයක්
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සම්බන්ධ බව කියන මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.
එබැවින් එම ඉඩම සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයකට හිමිකමක් ඇත්නම්, ඒ පිළිබඳ හිමිකම් ඉදිරිපත් කිරීමට දින 14ක කාලයක් ලබාදී ඇති බව සඳහන්.
එමෙන්ම මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර තිබෙන බව සඳහන්.