ඩීසල් මදිවට පෙට්‍රලුත් නෑ.. කොළඹත් තෙල් ප්‍රශ්නේ උඩු දුවද්දි දිගටම පෝලිම් - සියල්ල ලබන බ්‍රහස්පතින්දා විසඳෙන බවට කොළ එළියක්

Report

කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට මේ වන විට පෝලිම් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව පිරිවැය ආවරණය කරගත නොහැකි තත්ත්වයක් හමුවේ ඉන්ධන සමාගම් විසින් ඩීසල් නිකුත් කිරීම සීමා කිරීම නිසා ඩීසල් බෙදාහැරීමේ හිඟයක් ඉකුත් සති කිහිපයක සිටම පැවතුණ බව සඳහන් වේ.

කෙසේ වුවත් මේ වන විට ඊට අමතරව පෙට්‍රල් හිඟයක් ද මතුව තිබෙන බව වාර්තා වන අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නොමැති බවත්, ඒ වෙනුවට ඇත්තේ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් පමණක් බවටත් පාරිභෝගිකයෝ මැසිවිලි නගයි.

අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි

අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි

එමෙන්ම පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළ විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේ, ලබන බ්‍රහස්පතින්දා පමණ වන විට මෙම ගැටලුව මඟහැරී යනු ඇති බවයි.

එමෙන්ම අමාත්‍යවරයා වෙළඳපොළේ ඉන්ධන හිඟයක් ඇති නොවන විදිහට කටයුතු කරන්නැයි අඳාළ සමාගම්වලට දැනුම් දුන් බවත් සඳහන්.

කෙසේ වුවද මෙරට තෙල් වෙළෙඳාමේ නිරත සමාගම් පෙන්වා දෙන්නේ ලෝක වෙළෙඳපොළ මිලට සාපේක්ෂව පිරිවැය ආවරණය නොවන අඩු මිලකට ශ්‍රී ලංකාවේ දී ඉන්ධන අලෙවි කිරීමට නොහැකි වීම හේතුවෙන්, ඩීසල් අලෙවිය තවදුරටත් සීමා කිරීමට තමන්ට සිදුව තිබෙන බවයි.

අද උදෑසන 9 සිට ඔක්තෝබර් 08 වන දින දක්වා මේ අයට ජල සැපයුම අත්හිටුවන බවට විශේෂ නිවේදනයක් - වතුර කපන ප්‍රදේශ මෙන්න

අද උදෑසන 9 සිට ඔක්තෝබර් 08 වන දින දක්වා මේ අයට ජල සැපයුම අත්හිටුවන බවට විශේෂ නිවේදනයක් - වතුර කපන ප්‍රදේශ මෙන්න

ලංකාවේ රන් මිල පහළට - අඩුවුණ රත්තරන් වල අද මිල මෙන්න

ලංකාවේ රන් මිල පහළට - අඩුවුණ රත්තරන් වල අද මිල මෙන්න