සලේ ලෙඩ ඇඳේ හිටපු කාලේ ඉවරයි.. අද පස්වරුවේ ‍යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර අවසන් කර පිටව යා හැකි බව එම රෝහලේ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

එබැවින් එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ සුරේෂ් සලේ මහතා අද පස්වරුවේ ‍යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බවයි.

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

ඒ අනුව වෛද්‍යවරුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් කියා සිටියේ දැනට දින 119 ක කාලයක් සැකකරු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා සිටි බවත් 2026/9/28 දින ලබා දී ඇති වෛද්‍ය වර්තාවේ සදහන් කරුණු 6ක් දක්වා ඇති බවත්ය.

අඳාළ කරුණු මත සැකකරු මේ වන විට ජාතික රෝහලේ 42 වාට්ටුවේ සිටින බවත් අද පස්වරුවේ ජාතික රෝහලෙන් මුදා හැරීමට හැකි බවත් අධ්‍යක්ෂකවරයා ඇතුලු වෛද්‍ය මඩුල්ල දන්වා තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දන්වා ඇත.

මහින්ද කහඳගම අත්අඩංගුවට - කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සැර වෙයි

මහින්ද කහඳගම අත්අඩංගුවට - කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සැර වෙයි

එමෙන්ම සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට අද (06) දින අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය නොතීසි නිකුත් කර තිබුණ අතර ඒ අනුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුලු වෛද්‍යවරුන් 9 දෙනෙක් අද (06) අධිකරණයේ පෙනී සිටි බව සඳහන්.

එසේම එක් වෛද්‍යවරයෙකු විදේශ ගත වි ඇති බැවින් අධිකරණයේ පෙනී නොසිටින බව දන්වා සිටි අතර අඳාළ නඩුව යළිත් ලබන 21 වැනිදා කැඳවිමට නියමිත බව සඳහන්.

අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි

අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි