"රටට සමගි වෙන්න කියන කලාකරුවන් ඇයි මෙහෙම කුළල් කා ගන්නේ?" ගීත අයිතියේ අර්බුදය ගැන චාමර වීරසිංහ කියන කතාව මෙන්න
කලාකරුවන් රටට කියන්නේ සමගි වෙන්න කියලා. ඇයි මෙහෙම කුළල් කා ගන්නේ? යැයි රටක් හදුනන හදවතේ ගායන ශිල්පියා ලෙසින් හදුන්වන ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සදහන් කර තිබේ
මේ දිනවල ගීතවල අයිතිය පිළිබඳව ප්‍රශ්න දිනෙන් දින උග්‍රවන අතර සංගීත ලෝකයේ දැවැන්ත චරිත දෙපැත්තකට බෙදී විවිධ මත ඉදිරිපත් කරන අතර සමහර ගායකයන්ගේ ගීත වාරණයට පවා ලක්වී ඇති වකවානුවක ඔහු රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සදහන් කර ඇත්තේ මෙවන් අදහසකි
'ගීතවල කතෘ භාගය පිළිබඳව ප්‍රශ්නය මමත් දැක්කා ඒ ගැන මටත් කිසිම සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න බැරි වුණා මම ලංකාවෙන් එළියේ හිටියේ ඒ නිසා . ගීතයක් හැදෙන්න මේ තුන් දෙනාම ඉන්න ඕන තනියම එක්කෙනෙකුට ඉදිරියට යන්න බැහැ. ගායකයා, තනු නිර්මාණකරු සහ සංගීත නිර්මාණකරු කියන තුන් දෙනාම ඕන වෙනවා. ගෙදරක් හදන්න මේසෙන් බාස්, වඩු බාස් සහ පේන්ට් බාස් තුන් දෙනාම ඕන වෙනවා වගේ ගීතයකටත් එහෙමයි. එතකොට අරදෙන්නට විතරක් අයිතිය අරගෙන ඇයි ගායකයාව පැත්තකට දාන්නේ. එයාලගෙන් කතෘ භාග අවශ්‍ය නම් ගායකයාටත් සම අයිතිය හෝ සියයට ගාණක අයිතියක් ලැබෙන්න ඕන. අද වෙනකම් මගෙන් කව්රුත් කතෘ භාගයක් ඉල්ලලා නැහැ. මමත් ආවේ රන්සිළු එක හරහා. මගේ ගීතවල ඔක්කෝම අයිතිය තියෙන්නේ රන්සිළු එකේ රංජිත් අයියාට. මම කවදාවත් ඒවට අයිතිවාසිකම් කියන්න ගිහින් නැහැ. මට අවශ්‍යත් නැහැ. කලාකරුවන් රටට කියන්නේ සමගි වෙන්න කියලා. එහෙම කියලා ඇයි මේ තුන් ගොල්ල කුළල් කා ගන්නේ. අපරාදේ ලස්සන සිංදු ටිකක් විනාශ වෙලා යනවා. අන්තර්ජාලය නැති කාලේ කිව්වේ ඇයි මල්ලි අපේ සිංදු ගහන්නේ නැත්තේ ඒවාත් ගහන්නකො කියලා. ලස්සන පැරණි ගීත කියපු දෙමාපියන්ගේ සමහර පුත්තු ඒ ගීත විනාස කරනවා. එහෙම කරන්න එපා. කතෘ භාගය ඉල්ලනවා නම් දෙන්නම්. හැම ෂෝ එකෙන්ම එයාලට සල්ලි දෙන්නම් හැබැයි එතකොට ගායකයත් ඒ ගීතයේ අයිතියක් ඕන. නත්තම් මගේ සිංදු මොන චැනල් එකක හරි ගියොත් එයා එක මට ගෙවන්න වෙනවා. රණ්ඩු කරන්න එපා අපරාදේ හොඳ ගීත ටිකක් වැළලෙනවා. ''