සියලු පාසල් සිසුන්ට විශේෂ පණිවුඩයක්.!!

Ministry of Education A D Susil Premajayantha
By Aruna Aug 14, 2022 11:05 PM GMT
Aruna

Aruna

Report

සියලු පාසල් අද සිට සතියේ දින ප‌හේම පැවැත්වෙයි රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (15) සිට සතියේ දින පහම සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසා සිටියේ, ප්‍රවාහන පහසුකම් අඩුවීම නිසා යම් ගැටලුවලට මුහුණදුන් ගුරුවරුන්ට හා දරුවන් සම්බන්ධයෙන් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇති බවයි.

මේ අතර ඉන්ධන හිඟය මත ඇති වූ අපහසුතාව මත කොළඹ අධ්‍යාපන කලාපයේ සහ සෙසු පළාත්වල නගරබද පාසල් ජූනි 27 වැනිදා සිට සතියට දින 3ක් පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය.

එවන් පසුබිමක රටේ ඇති වූ කලහකාරී වාතාවරණය හේතුවෙන් සති කිහිපයක් සම්පූර්ණයෙන් පාසල් වසාතැබීමට සිදුවුණි.

අනතුරුව ජූලි 25 වැනිදා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අධ්‍යයන කටයුතු සදහා යළි ආරම්භ වුණත් සාමාන්‍ය පරිදි පැවැත්වුණේ සඳුදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින 3 තුළ පමණයි.

පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවල නිවෙස් පාදක ක්‍රියාකාරකම් හෝ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉගැන්වීම් සිදුකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබුණි.

කෙසේ වෙතත් රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද සිට සතියේ දින පහම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ අනුව සාමාන්‍ය වේලාවන් තුළදී එනම් පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් පැවැත්වෙනු ඇත.

මේ අතර අද (15) සිට පාසල් ළමුන් ප්‍රවාහන සඳහා සියලු ‘සිසු සැරිය’ බස් රථ ඇතුළු නියමිත කාලසටහන් යටතේ, බස් රථ ධාවනයට පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, සිසු සැරිය බස් රථ 741ක් සේවා සඳහා යොදවන බවයි.

කිසිදු බාධාවකින් තොරව, සිසුන්ට පාසල් වෙත ගමන් කිරීමට අවශ්‍ය බස් රථ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි යෙදෙවෙන බවද, ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now