සතියේ දින 05ම සිසුන් පාසැල් කැදවයි..දකුණු පලාත ආණ්ඩුවටත් උඩින් යයි..

Ministry of Education Sri Lanka
By Aruna Jul 24, 2022 04:13 AM GMT
Aruna

Aruna

Report

ඉන්ධන හිගය නිසා මතු වු ප්‍රවාහන දුශ්කරතා මත සියලුම රජයේ පාසල් සති 2 ක කාලයක් නිවාඩු ලබා දි තිබුනු අතර නැවත සියලුම රජයේ පාසල් ලබන ජුලි 25 සදුදා දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිල වශයෙන් දැනුම් දි තිබේ.

වර්තමානයේ පවතින ප්‍රවාහන දුශ්කරතා සහා ආර්ථික අවපාතය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් 2022 වර්ෂයේ ඉදිරි කාලසීමාව සදහා පාසල් පැවැත්විය යුතු ආකාරය පිළිබද විශේෂ චක්‍රලේකයක් මගින් අදාල පාර්ශව දැනුවත් කර තිබේ.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු දිවයිනේ සියලු රජයේ පාසල් සදුදා,අගහරුවාදා සහා බ්‍රහස්පතිපන්දා දිනයන් හි පැවැත්වීමටත් ඉතිරි දින 2ක මාර්ගගතව අධ්‍යාපන කටයුතු කලයුතු බව දන්වා තිබේ.

පළාත් අධ්‍යාපන අමාත්‍යංශ නවයෙන් අටක්ම මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශය ලබා දුන් චක්‍රලේඛ උපදෙස් වලට අනුගතව තීරණ වල සංගතතාව රැකෙන පරිදි ක්‍රියා කර තිබේ.

එසේ උවද 23 දින දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් දකුණු පළාතේ සියලු පළාත් සභා පාසල් සතියේ දින 5 ම පැවැත්වීමට තීරණය කල බව ලිපියකින් විදුහල්පතිවරුන්ට දන්වා ඇත.

පසුගිය ජුනි මාසයේ ඇතැම් ග්‍රාමිය පාසල් වල සිසුන් සහා ගුරුවරු අනාරක්ශිත ප්‍රවාහන ක්‍රමවේද මගින් පාසල් වෙත පැමිණිම නිසා අනතුරට ලක් වු අවස්තාද වාර්තා විය.

මෙම සියලු කාරණා සැලකිල්ලට ගෙන පාසල් පවත්වන දින පිළිබද අධ්‍යාපන අමාත්‍යංශ නිල තීරණයට අනුගතව ක්‍රියා කිරිමේ වැදගත්කම පිළිබද ගුරු සංගම් නායකයින් විසින් දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා හට දුරකතන මාර්ගයෙන් කරුණු වාචිකව පවසා ඇති බව වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha