පාසැල් යලි විවෘත කරන්න දරුවන් එන්නත්කරණය අත්‍යවශ්‍ය නෑ…
Sri lanka
covid 19
By Sithumi
පාසල් නැවත විවෘත කිරීම සහ පවත්වාගෙන යාමට සියලු දරුවන් එන්නත්කරණය අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව පැවසීය. බ්‍රිතාන්‍ය ළමා රෝග පිළිබඳ රාජකීය සංගමය වාර්තාවක් උපුටමින් ඔහු කියා සිටියේ එන්නත්කරනය යනු රිදී උණ්ඩයක් නොවන බවත් ඒ හරහා සම්පූර්ණයෙන්ම දරුවන්ගේ රෝගී තත්ත්වයන් සමනය නොවන බවත්ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද වයස අවුරුදු දොළහට අඩු දරුවන් එන්නත්කරනය අනුමත කොට නැතැයි ද ඔහු එහිදී කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now |