නැවතත් පාසැල් නිවාඩු... දින දැනුම් දෙයි.!
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පාසල්වලට මැයි 05 සහ 06 වැනිදා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ පිළිබඳව සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය ලබන 06 වනදා පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා පාසල් භාවිත කරනු ලබනවා. ඒ හේතුවෙන් සියලුම පාසල් ලබන 05 සහ 06 යන දෙදින තුල වසා ත්බිමටයි තීරණය කර තිබෙන්නේ.