ඉන්දියානු නාවික හමුදාවට අයත් සුනයිනා නෞකාව හෙට දිවයිනට

Report

ඉන්දියානු නාවික හමුදාවට අයත් 'සුනයිනා' (INS Sunayna) නෞකාව හෙට (2026 මැයි 15) කොළඹ වරායට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

මෙම නෞකාව 'IOS සාගර්' (Indian Ocean Ship Sagar) ලෙස නම් කර ඇති අතර, එහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක නාවික නිලධාරීන් සහ නාවිකයන්ගෙන් සමන්විත බහුජාතික කාර්ය මණ්ඩලයක් එහි ගමන් කිරීමයි.

අඩු පීඩන කලාපය ලංකාවෙන් පිට වී නැහැ - ඉදිරි තත්ත්වය පිළිබඳව කාලගුණයෙන් දැනුම්දීමක්

අඩු පීඩන කලාපය ලංකාවෙන් පිට වී නැහැ - ඉදිරි තත්ත්වය පිළිබඳව කාලගුණයෙන් දැනුම්දීමක්

මෙය ඉන්දියානු නාවික හමුදාව කලාපීය මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන 'Bridges of Friendship' වැඩසටහනේ වැදගත් පියවරකි. මෙම බහුජාතික කණ්ඩායම 2026 අප්‍රේල් 02 වන දින මුම්බායි සිට සිය මුහුදු සංචාරය ආරම්භ කළේ ඉන්දියානු නාවික පුහුණු ආයතනවල ඒකාබද්ධ වරාය පුහුණුව අවසන් කිරීමෙන් පසුවය.

එම පුහුණුවට නාවික කටයුතු, සන්නිවේදනය, මුහුදේ ජීවිත ආරක්ෂාව, ගිනි නිවීම සහ සෙවීම් හා අල්ලා ගැනීමේ මෙහෙයුම් (VBSS) වැනි උසස් නාවික අභ්‍යාස රැසක් ඇතුළත් විය.

මාලදිවයින, තායිලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, මියන්මාරය සහ බංග්ලාදේශය යන රටවල සංචාරය කිරීමෙන් අනතුරුව 'IOS සාගර්' නෞකාව සිය හත්වන වරාය සංචාරය ලෙස මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙයි.

මෙම සංචාරය අතරතුර නෞකාවේ අණදෙන නිලධාරියා ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික ප්‍රදේශයේ ආඥාපති ඇතුළු ඉහළ නිලධාරීන් හමුවීමට නියමිතය. තවද, බහුජාතික නාවික කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ වෘත්තීය සහ ක්‍රීඩා සබඳතාවල නිරත වීමටත්, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමටත් සැලසුම් කර ඇත.

වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන් සිවුරෙන් ඉවත් කරන්න - ඕමල්පේ සෝභිත නාහිමි

වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන් සිවුරෙන් ඉවත් කරන්න - ඕමල්පේ සෝභිත නාහිමි

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ 'MAHASAGAR' සංකල්පයට අනුව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම හරහා ඉන්දියන් සාගර කලාපයේ රටවල් අතර සමුද්‍රීය ආරක්ෂාව සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය වනු ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.